
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසීමට ගිවිසුම් අත්සන් කළ චීනයේ සිනොපෙක් සමාගමට අයත් පළමු නෞකාවේ ඉන්ධන තොගය ලබන මස මුලදී දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී.චානක අනාවරණය කළේය.
මේ අතර, නව සමාගම පැමිණීමත් සමග වත්මන් ඉන්ධන මිල සූත්‍රය වෙනුවට උපරිම සිල්ලර මිලක් සටහන් කෙරෙන නව මිල සූත්‍රයක් හඳුන්වාදීමට පියවර ගන්නා බවත්, එමගින් රටට වාසිදායක ඉන්ධන තරඟකාරීත්වයක් ඇති කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
ඒ අනුව, අගෝස්තු මාසයේ සිට නව මිල සූත්‍රය යටතේ සියලුම ඉන්ධන සමාගම් වෙත රජය විසින් උපරිම සිල්ලර මිලක් (MRP) නියම කරන බවට ඔහු සහතික විය.
QR කේතය සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු මේ අදහස් පළ කළේ, ඊයේ (23) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ (PMC) පැවති ‘ස්ථාවර රටක් සඳහා සාමූහික මාවත’ යන තේමාව යටතේ පැවති ජනමාධ්‍ය හමුවකදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart