December 10, 2025

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ඉතාලියේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි අතර ද්විපාර්ශවික හමුවක් සිදුව තිබේ.

ඒ, ඉතාලි විදේශ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයට සමගාමීවයි.

එහිදී අමාත්‍යවරුන් දෙදෙනා ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට ද එක්වූ බව සඳහන් වේ.

එහිදී අමාත්‍ය ජයිශංකර් පවසා ඇත්තේ ඉතාලිය යනු ඉන්දියාවේ සමීපතම හවුල්කරුවෙකු බවයි.

එමෙන්ම ඔවුන් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීමට එරෙහිව සටන් කිරීම සඳහා දෙරටේ ඒකාබද්ධ කැපවීම නැවත තහවුරු කළේය.

එම හමුවේදී අමාත්‍ය ජයශංකර් පසුගිය මාසයේ අගනුවර සිදු වූ ත්‍රස්තවාදී සිදුවීමෙන් පසු ඉතාලිය දැක්වූ සහයෝගයට ස්තූති කළේය. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේදී දෙපාර්ශ්වයම ලබා ඇති ප්‍රගතිය ද ඔහු ඉස්මතු කළේය.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) ඔවුන්ගේ හවුල්කාරිත්වය උපයෝගී කරගනිමින් ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහිව රටවල් දෙක එක්ව කටයුතු කරයි.

ඉන්දියාව-ඉතාලිය සබඳතාවල වර්ධනය වන ගම්‍යතාව ද ජයශංකර් අවධාරණය කළ අතර, ටජානිගේ සංචාරයෙන් දෙරටේ සබඳතා තවත් ශක්තිමත් වන බව ද පැවසුවේය.