December 28, 2025

ලබන මාසයේ පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් යුත් T20 අන්තර්ජාතික තරගාවලිය සඳහා හිටපු නායක චරිත් අසලංක, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා නැවත කැඳවීමට නියමිතය.

මෑත කාලීනව දැක්වූ දස්කම් පිට දඟ පන්දු යවන තරුණ ක්‍රීඩක ට්‍රැවීන් මැතිව්ස් ද සංචිතයට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අසලංකගේ නැවත පැමිණීම වඩාත් සමීපව නිරීක්ෂණය කරන ලද එකකි.

ඔහු මෑතකදී පාකිස්ථානයේ පැවති තුන්කොන් තරගාවලියේදී කිසිදු කාර්යභාරයක් ඉටු නොකළ අතර, වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු සමඟ අසනීප තත්ත්වයක් හේතුවෙන් තරගාවලිය අතරතුර යළි පැමිණියේය.

සංචාරයෙන් ඉවත්වීමට ගත් උත්සාහය අවසානයේ අසලංකට නායකත්වය අහිමි කළ අතර, T 20 ආකෘතිය තුළ ඔහුගේ අනාගතය තර්ජනයට ලක්ව ඇති බවට අනුමාන ඇති කළේය.

විචාරකයන් නිහඬ කිරීමට 2025 දී අසලංකගේ ලකුණු දත්ත එතරම් දෙයක් කර නැත.

ඔහු තරඟ 13කදී ලකුණු 156ක් පමණක් ලබාගෙන ඇති අතර එය ශ්‍රී ලංකාවේ මැද පෙළේ මූලිකාංගය ලෙස සැළකෙන ක්‍රීඩකයකුට සාමාන්‍ය තත්ත්වයකි.

එහෙත්, ඔහුව නැවත කැඳවීම මගින් නව තේරීම් කමිටුව කුසලතාවට වඩා අත්දැකීම් සඳහා සහාය දක්වන බව පෙනේ.

තීරණාත්මක අංක 5 ස්ථානයේ ඉනිම ස්ථාවර කිරීමට අසලංකගේ හැකියාව කෙරෙහි ඔවුන් විශ්වාසය තබනු ඇත.

මතීෂ පතිරණගේ කැඳවීමට හේතුව පන්දුව සමඟ ඔහුගේ ඇතිකරන බලපෑමයි.

මෑත කාලීන ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී විශාලතම මිලදීගැනීම් අතරට ඔහු ඇතුළත් වූ අතර, අමෙරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක්, එනම් ආසන්න වශයෙන් රුපියල් මිලියන 600ක ලංසුවක් ලබා ගනිමින් කෙටිම ආකෘතියේ ඔහුගේ වටිනාකම අවධාරණය කළේය.

කෙසේවෙතත් මෙම වසරේ ශ්‍රී ලංකාව සඳහා ඔහුගේ දායකත්වය සීමිතය.

ඔහු T20 තරඟ දෙකකට පමණක් ක්‍රීඩාකර ඇති අතර එක් කඩුල්ලක් දවාගෙන ඇත.

කෙසේවෙතත්, ILT20 හි සාජා වොරියර්ස් වෙනුවෙන් දස්කම් දක්වමින් ඔහු තරඟ තුනකදී කඩුලු පහක් දවා ගත්තේය.

ඊට ලකුණු 19කට කඩුලු තුනක් ද ඇතුළත් විය.

ඇතැම් විට වඩාත්ම පුදුම සහගත නැවත කැඳවීම ධනංජය ද සිල්වාගේ විය හැකිය.

ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා වසරකට වැඩි කාලයක් අන්තර්ජාතික T20 තරගයක් ක්‍රීඩා කර නොමැති අතර ඉන්දියාවේ පැවති ඕවර 50 ලෝක කුසලානයේ සිට එක්දින තරගාවලිවලට සහභාගී වී නොමැත.

කෙසේවෙතත්, මැද පෙළ අඛණ්ඩවඅස්ථාවර බව පෙන්නුම් කරන බැවින්, තේරීම් කමිටුව ඔහුව ඇතුළත් කිරීම නැවත සළකා බැලීමට කැමැත්තෙන් සිටින බව පෙනේ.

ධනංජය T20 තරග 45කට ක්‍රීඩාකර ඇති අතර, 21.17ක සාමාන්‍යයකින් ලකුණු ලකුණු 847ක් ලබාගෙන ඇත්තේ පහරදීමේ සාමන්‍යය 115.86ක් ලෙස සටහන් කරමිනි.

එම සංඛ්‍යා කැපී පෙනෙන්නේ නැතත්, ඔහු ගෙනඑන අත්දැකීම් සහ සන්සුන්භාවය ඔහු ඇතුළත්කිරීමට හේතු වන්නට ඇත.

තරග තුනකදී කඩුලු හතක් දවාගත් පිට දඟ පන්දු යවන්නකු වන ට්‍රැවීන් මැතිව්ස්, ආසියානු කුසලාන රයිසින් ස්ටාර්ස් තරගාවලියේදී විශ්මය ඇති කළ ක්‍රීඩකයෙකි.

21 හැවිරිදි ඔහු 18 දෙනෙකුගෙන් යුත් සංචිතයේ ස්ථානයක් ලබා ගැනීමට නියමිතය.

සංචිතය තෝරාගෙන ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා ඇත.

වෙල්ලාලගේ තමන් සහභාගී වූ තරගාවලියකදී ශ්‍රී ලංකාව මෙහෙයවූ අතර පිත්තෙන් සහ පන්දුවෙන් ශක්තිමත් දස්කම් දැක්වීය.

මෙම ක්‍රීඩකයන් අවසන් XI දෙනාගේ කණ්ඩායමට ඇතුළත් කරන්නේ කෙසේද යන්න තවමත් බලා සිටිය යුතුය.

පා දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත්, පිතිකරුවන් වන භානුක රාජපක්ෂ සහ පවන් රත්නායක යන අය මෙම තරගාවලියට සහභාගී වීමට ඉඩ තිබේ.

පාකිස්ථාන තරගාවලියෙන් පසුව, ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව සත්කාරකත්වය දරන T20 ලෝක කුසලානය කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර තවත් තරඟ තුනකින් යුත් T20I තරගාවලියක් සඳහා එංගලන්තයට සත්කාරකත්වය සපයනු ඇත.