December 26, 2025

රට ගොඩනැගීමේ කාර්යය දේශපාලනඥයන්ගෙන්ම ආරම්භ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රටේ වත්මන් තත්ත්වය හමුවේ තමන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත් කර එම මුදල් සහන අරමුදලකට බැර කළ යුතු බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම, දේශපාලනඥයන් සඳහා ඩබල් කැබ් රථ ගෙන්වීමට වෙන් කරන මුදල් ද මේ මොහොතේ රට ගොඩනැගීමේ අරමුදලට යොමු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.