December 27, 2025

මිරිස්ස වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දිය නෑමට ගිය 49 හැවිරිදි වෛද්‍යවරයකු දියේ ගිලී මියගිය බව පොලිසිය පැවසීය.

මාතර රෝහලට ඇතුළත් කරන විට ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ විය.

මියගිය පුද්ගලයා වැලිගම වලාන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වේ.

ඔහු මාසයකට පමණ පෙර වලාන රෝහලේ රාජකාරි භාරගෙන ඇත.