December 24, 2025

රට මුහුණ දී ඇති ආපදා තත්ත්වයන්ට සාපේක්ෂව මෙතෙක් ප්‍රමාණවත් විදේශ ආධාර ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන වාරිකය දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට තිබූ බවයි.

හදිසි ණය ලබා ගැනීමේ ක්‍රමවේදයන්ට වඩා වාරික ක්‍රමයට සහන ලබා ගැනීම රටට වාසිදායක බව ද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේදී රජය අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රටක් ලෙස එම අරමුදල හමුවේ දණ නොනැමිය යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉල්ලා සිටිය ද ඔවුන් හමුවේ කොන්ද කෙළින් තබා ගෙන කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.