December 17, 2025

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹුනු ගනුදෙනුවට අදාළ කොන්දේසි මෙම වසර අගදී අවසන්වීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

එම ක්‍රියාවලියට නැවත ඇතුලුවනවාද නැතහොත් එහි පවතින කරුණු නැවත සමාලෝචනය කර එම වැඩසටහන රටට ඔබින ලෙස ඉදිරියට ගෙන යන්නේ ද යන ගැටලුව ආණ්ඩුව ඉදිරියේ පවතින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

නමුත් රට බරපතල සොබාවික ව්‍යවසනයකට මුහුණ පා සිටින මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම පවතින්නේ ආණ්ඩුවේ සාකච්ඡා කිරීමේ දක්ෂතාව මත බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුවක් ඉදිරියට ගෙනයාමේදී අභියෝගවලට මුහුණදීම සිදු කළ යුතු බව සහ එය මෙම වත්මන් රජයට පමණක් මතුවූ ගැටලුවක් නොවන බවයි.