December 14, 2025

දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානි නිශ්චිතව තක්සේරු කර ප්‍රකාශයට පත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දිස්ත්‍රික්ක 25 න් 22 කටම අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වූ බව රජය නිවේදනය කර තිබූ බවයි.

එබැවින් රටට සිදුව ඇති හානිය අති විශාල බව අනුමාන කළ හැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

කෙසේවෙතත් සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව රටට සිදුව ඇති හානිය රුපියල් ට්‍රිලියන 2ත් 2.5 ත් අතර අගයක් විය හැකි බවට උපකල්පනය කළ හැකි බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පවතින තත්වය හමුවේ යළි නැගී සිටිම සඳහා විදෙස් රටවල සහය අපේක්ෂා කරන්නේ නම් සිදුව ඇති හානිය නිවැරදිව ගණනය කර ඉදිරිපත් කිරීම අත්‍යවශය බව ද ඔහු පැවසීය.