
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර තරඟාවලියේ විවේක කාලයේදී එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඩකට් අධික ලෙස මත්පැන් පානය කර තම හෝටලය සොයා ගැනීමට නොහැකිව සිටින බව හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
මෙවර අළු බඳුන තරඟාවලියේදී ලකුණු සාමාන්‍යය 16ක් පමණක් ලබාගෙන ඇති 31 හැවිරිදි ඩකට් පසුගිය සතියේදී ක්වීන්ස්ලන්ත නිවාඩු නිකේතනයක සාප්පු මධ්‍යස්ථානයක් ඉදිරිපිටදී කැමරාවට හසු කරගෙන තිබිණි.
රසිකයන් යළි නවාතැනට යන්නේ කෙසේදැයි විමසූ විට ඩකට් එය නොදන්නා බව ප්‍රකාශ කර තිබිණි.
එක් ආධාරකරුවෙක් ඔහුගේ පිතිකරණ දුෂ්කරතා ගැන ඔහුට නින්දා කරනු ද දක්නට ලැබිණි.
“නෙට් එකේ ප්‍රැක්ටිස් කරන්න යන්න Uber එකක් දාලා දෙන්නද සහෝදරයා? ” යනුවෙන් එක් රසිකයකු එහිදී ඔහුගෙන් අසනු දක්නට ලැබේ.
ඩකට් පසුව එම රසිකයා ‘පිස්සුකාරයෙක්’ බව පවසමින් තමා කවුදැයි කිසිවකු නොදන්නා බව පවසනු ද දක්නට ලැබේ.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය මෙම මතභේදාත්මක මත්පැන් පානය කිරීමේ චෝදනා විමර්ශනය කරමින් සිටියි.
කෙසේවෙතත්, වාර්තාවලින් පෙනී යන්නේ සංචිතයේ සිටින ඇතැම් සාමාජිකයන් දින හතරක විවේකි අවස්ථාව විවේක ගැනීමට සහ තරගයට සූදානම් වීමට වඩා සාදයන් ට අවස්ථාවක් ලෙස සැළකූ බවයි.
ඩකට් බීමතින් සිටිනු රූගත කරන ලද ස්ථානයට තරමක් දුරින් පිහිටි රොකෝකෝ බිස්ට්‍රෝ අවන්හලේදී එංගලන්ත කණ්ඩායම රාත්‍රී 11 වන තෙක් මත්පැන් පානය කර ඇති බව ද වාර්තා විය.
ඇඩිලේඩ් හි පැවති තුන්වැනි ටෙස්ට් තරගයේදී එංගලන්තය පරාජයට පත් වීමත් සමග ඕස්ට්‍රේලියාවට 3-0ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart