
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා නව ජාතික පාසලක් ඉදිකිරීම සඳහා 2015-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ යටතේ Block 01 සහ Block 02 වශයෙන් ගොඩනැගිලි සංකීර්ණ 02ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
Block 01 ගොඩනැගිලි සංකීර්ණය ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත සහ Block 02 ගොඩනැගිලි සංකීරණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර ඇත.
රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ Block 02 ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අත්හිටුවා අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කර තිබේ.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත අදාළ විෂය පථය සංශෝධනය කර ඇති අතර, Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ඉහළ මහලේ වහලය දක්වා ඉදිකිරීම් සිදුකර, එම ගොඩනැගිලි සංකීර්ණය 2025‑10‑31 දින ශ්‍රී ලංකා රජය වෙත භාරදීමට පියවර ගෙන ඇත.
Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ තවදුරටත් නිමකළ යුතු වැඩ අවසන් කිරීම සඳහා ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් රුපියල් මිලියන 199.13ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, එකී ඇස්තමේන්තුව මත පදනම්ව එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ නිමකිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart