
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියාවේ මොස්කව් නුවර දකුණු ප්‍රදේශයේදී සිදුවූ බෝම්බ පිපිරීමකින් රුසියානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයකු මියගොස් තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ මෝටර් රථය යට තබා තිබූ පුපුරන ද්‍රව්‍යයක් පිපිරීමෙන් ඔහු මියගිය බව රුසියානු විමර්ශකයින් නිවේදනයක් නිකුත් කරමින් පැවසූ බවයි.
ප්‍රධාන අපරාධ පරීක්ෂා කරන රුසියාවේ විමර්ශන කමිටුව පැවසුවේ, සන්නද්ධ හමුදාවන්ගේ මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද එම කමිටුව පැවසීය.
මෙම ප්‍රහාරය යුක්රේන විශේෂ බලකායන්ට සම්බන්ධ වීමේ හැකියාව සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි ද ඔවුහු පවසති.
2022 පෙබරවාරි මාසයේදී ආරම්භ වූ රුසියාවේ යුක්රේන ආක්රමණයේ සිට රුසියාව තුළ සහ රුසියානු පාලනය යටතේ පවතින යුක්රේන කලාපවල රුසියානු හමුදා නිලධාරීන් සහ ක්‍රෙම්ලින් හිතවාදී පුද්ගලයන් ඉලක්ක කරගත් ප්‍රහාර රැසකට යුක්රේනය වගකිව යුතු බවට රුසියාව චෝදනා එල්ල කර තිබේ.
ඉකුත් අප්‍රේල් මාසයේදී ද මොස්කව් නුවරදී සිදුවූ මෝටර් රථයක් තුළ බෝම්බයක් පුපුරායෑමෙන් හමුදාවේ ජෙනරාල්වරයකු වු යාරොස්ලාව් මොස්කලික් මියගියේය.
2024 දෙසැම්බර් මාසයේදී, රුසියානු විකිරණශීලී, රසායනික හා ජීව විද්‍යාත්මක ආරක්ෂක හමුදාවන්හි ප්‍රධානියා වූ ඊගෝර් කිරිලොව්, මොස්කව්හිදී විදුලි ස්කූටරයක් පුපුරායෑමෙන් මියගිය අතර, එය යුක්රේනයේ SBU ආරක්ෂක සේවය විසින් සිදුකර ඇතැයි වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart