
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර ඇති ටොෂකානා දූෂණ නඩුවේදී, පාකිස්තාන වගවීමේ අධිකරණයක් ඔවුන් දෙදෙනාට වසර 17 බැගින් සිරදඬුවම් නියම කළේය.
2021 දී සෞදි රජයෙන් ඔවුන්ට හිමිවූ බව කියන රාජ්‍ය ත්‍යාග වංචා කළ බව පවසමින් මෙම නඩුව ගොනුකර තිබේ.
රාවල්පින්ඩි හි අධිආරක්ෂිත ආඩියාලා බන්ධනාගාරයේදී නඩුවේ තීන්දුව විශේෂ අධිකරණ විනිසුරු ෂාරුක් අර්ජුමාන්ඩ් විසින් ප්‍රකාශයට පත්කරන ලදී.
පාකිස්තාන දණ්ඩ නීති සංග්‍රහයේ 409 වගන්තිය (සාපරාධී විශ්වාසය කඩ කිරීම) යටතේ ඛාන් සහ බුෂ්රාට වසර 10 ක දැඩි සිරදඬුවමක් සහ දූෂණ වැළැක්වීමේ පනතේ විවිධ වගන්ති යටතේ වසර හතක් නියම කරන ලදී.
අධිකරණය ඔවුන්ගෙන් එක් අයෙකුට පාකිස්ථානු රුපියල් මිලියන 16.4 ක දඩයක් ද නියම කළේය.
මෙම නඩුව 2024 ජූලි මාසයේදී ගොනුකරන ලද අතර, එය පදනම් වූයේ මිල අධික ඔරලෝසු මෙන්ම දියමන්ති සහ රන් ආභරණ කට්ටල ඇතුළු වටිනා භාණ්ඩ හිටපු අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ විසින් රාජ්‍ය තෑගි ගබඩාව වන ටොෂකානා හි තැන්පත් නොකර විකුණා ඇති බවට එල්ල වන චෝදනා මතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart