
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරියාවේ අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, සිරියාවේ IS කණ්ඩායමට එරෙහිව තම හමුදාව දැවැන්ත ප්‍රහාරයක් සිදු කළ බව එක්සත් ජනපදය පවසයි.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා පැවසුවේ ප්‍රහාරක ජෙට් යානා, ප්‍රහාරක හෙලිකොප්ටර් සහ කාලතුවක්කු මධ්‍යම සිරියාව පුරා ස්ථාන කිහිපයක ඉලක්ක 70කට වඩා වැඩි ගණනකට ප්‍රහාර එල්ල කළ බවයි.
ජෝර්දානයේ ගුවන් යානා ද ප්‍රහාරයට සම්බන්ධ වී තිබේ.
හඳුනාගත් IS යටිතල පහසුකම් සහ ආයුධ ස්ථාන ඉලක්ක කර ගනිමින් සිදු කළ මෙහෙයුමේදී නිවැරදිව ඉලක්ක වෙත යොමුකළ හැකි නවීන උණ්ඩ 100 කට වඩා භාවිත කළ බව එකසත් ජනපදය සඳහන් කරයි.
දෙසැම්බර් 13 වැනිදා පැල්මයිරා නගරයේ IS සාමාජිකයන් විසින් සැඟවී සිට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව, IS බලකොටුවලට එරෙහිව ඉතා දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
යුරෝපයේ, අප්‍රිකාවේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ අමෙරිකානු හමුදා මෙහෙයුම් මෙහෙයවන සෙන්ට්කොම් අංශය, X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් කර තිබුණේ නැගෙනහිර වේලාවෙන් සිකුරාදා 16:00ට හෝක්අයි ප්‍රහාරය දියත් කළ බවයි.
කලාපය පුරා අමෙරිකානුවන්ට සහ හවුල්කරුවන්ට හානි කිරීමට උත්සාහ කරන ත්‍රස්තවාදීන් නිර්දය ලෙස ලුහුබැඳීම එක්සත් ජනපදය අඛණ්ඩව සිදු කරගෙන යනු ඇති බව සෙන්ට්කොම් කමාන්ඩර් අද්මිරාල් බ්‍රැඩ් කූපර් පැවසුවේය.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවේ මෙහෙයුම “යුද්ධයක ආරම්භය නොවේ – එය පළිගැනීමේ ප්‍රකාශයක්” බවයි.
“ඔබ ලෝකයේ ඕනෑම තැනක අමෙරිකානුවන් ඉලක්ක කර ගන්නේ නම් එක්සත් ජනපදය ඔබව දඩයම් කරන බවත්, ඔබව සොයා ගන්නා බවත්, අනුකම්පා විරහිතව ඔබව මරා දමන බවත් දැනගෙන ඔබ ඔබේ කෙටි, කණස්සල්ලෙන් යුත් ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්න.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
“අද, අපි දඩයම් කළා, අපි අපේ සතුරන් මරා දැමුවා. සතුරන්ගෙන් බොහෝ දෙනෙක්. අපි දිගටම කරගෙන යනවා,” එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් පැවසීය.
Truth Social හි පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ, එක්සත් ජනපදය පොරොන්දු වූ පරිදි වගකිව යුතු මිනීමරු ත්‍රස්තවාදීන්ට ඉතා බරපතල පළිගැනීමක් සිදු කරන අතර සිරියානු රජය සම්පූර්ණයෙන්ම ඊට සහාය දක්වන බවයි.
මේ අතර, එක්සත් රාජධානියේ පිහිටි සිරියානු මානව හිමිකම් නිරීක්ෂණාගාරය (OBHR) පැවසුවේ රක්කා සහ ඩියර් එස් සෝර් නගර අසල IS ස්ථාන ප්‍රහාරයේ ඉලක්ක වූ බවයි.
ප්‍රමුඛ IS නායකයකු සහ සටන්කරුවන් ගණනාවක් මිය ගිය බව ඔවුන් සඳහන් කර තිබේ.
IS සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.
2019 දී, එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු සටන්කරුවන්ගේ සන්ධානයක් නිවේදනය කළේ IS සංවිධානයට ඔවුන් පාලනය කළ සිරියාවේ අවසාන භූමි ප්‍රදේශය අහිමි වූ බවයි.
එහෙත් එතැන් සිට ජිහාඩ් කණ්ඩායම සමහර ප්‍රහාර සිදුකර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ කණ්ඩායමට තවමත් සිරියාවේ සහ ඉරාකයේ සටන්කරුවන් 5,000ත් 7,000ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි.
IS සංවිධානයට එරෙහි ව්‍යාපාරයක කොටසක් ලෙස අනෙකුත් හමුදා පුහුණු කිරීමට සහාය වීම සඳහා එක්සත් ජනපද හමුදා 2015 සිට සිරියාවේ රැඳී සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart