
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕමානයේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරට ඉහළම සිවිල් සම්මානය ප්‍රදානය කර තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ මෙම අවස්ථාව ඉන්දු – ගල්ෆ් සබඳතාවල වැදගත් රාජ්‍ය තාන්ත්‍රික මොහොතක් සනිටුහන් කිරීමක් බවයි.
එමෙන්ම දෙරට අතර ශක්තිමත් වන උපායමාර්ගික, ආර්ථික සහ සංස්කෘතික හවුල්කාරිත්වය ද මෙමගින් අවධාරණය කරයි.
ඕමානයෙන් පිරිනැමූ සිවිල් සම්මානයත් සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය එයයි.
ඕමානයේ ඉහළම සිවිල් සම්මානය ඓතිහාසිකව ඕමානයේ ජාත්‍යන්තර සබඳතාවලට දායක වූ ලෝක නායකයින් සහ කීර්තිමත් පුද්ගලයින් සඳහා පිරිනැමේ.
එය හිමිවූවන් අතර බිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා, ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා සහ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart