
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍ය ව්‍යුහයෙන් ඉවත් වී ෆෙඩරල් ක්‍රමයක් අනුගමනය කිරීම සඳහා ඉන්දියාවෙන් බලපෑම් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිත පිරිසක් චෙන්නායිහිදී තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් හමුවී ලිපියක් භාර දී තිබේ..
ෆෙඩරල් ක්‍රමයක් මගින් පමණක් ඉන්දු-ලංකා ගිවිසුම යටතේ අපේක්ෂා කරන ලද බලතල දෙමළ ජනතාවට සම්පූර්ණයෙන්ම භුක්ති විඳිය හැකි බවට එම පක්ෂය අදාළ ලිපියෙන් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉන්දියාවේ මධ්‍යම රජයට ඒත්තු ගැන්වීම සඳහා නියෝජිත පිරිස තමිල්නාඩු මහ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පැවසීය.
“ඉන්දු-ලංකා ගිවිසුම හරහා අපේක්ෂා කරන ලද බලතල දෙමළ ජනතාවට ක්‍රියාත්මක කළ හැක්කේ ෆෙඩරල් විධිවිධානයක් හරහා පමණයි,” පොන්නම්බලම් රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිත පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන්, නීතිඥ නඩරාජර් කාන්දීපන් සහ සුගාෂ් කනගරත්නම් ඇතුළත් වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart