
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මනුෂ්‍ය ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගත් පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී අබ්දුල් සමඩ් ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, ඔහු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ආපදාවලින් පීඩාවට පත්ව සිටි පිරිසක් පසුගිය සෙනසුරාදා පැමිණ සැකකාර මන්ත්‍රීවරයාගෙන් ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ පහරදීමක් සිදුව තිබිණි.
පහරකෑමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල් ගත කළ අතර ඒ සම්බන්ධයෙන් ද සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදාහැරිණි.
එම සිද්ධියට මැදිව තිබූ තවත් පුද්ගලයකු නිවසට පැමිණීමෙන් පසුව රෝගී වී රෝහල්ගත කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වු බව පොලීසිය සඳහන් කළේය.
එම පුද්ගලයාද පහරකෑමකට ලක්ව ඇතැයි විමර්ශනයේදී අනාවරණය වීම හේතුවෙන්, සර්වජන බලය පක්ෂයේ ලංකාපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අබ්දුල් සමඩ් පෙරේදා යළි අත්අඩංගුවට ගනු ලැබුවේය.
මෙලෙස මියගියේ 40 හැවිරිදි එම්. ආර්. නයිසර් නමැති එක්දරු පියෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart