December 18, 2025

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන ලද්දේ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායම විසින් බව එම පක්ෂයේ හිටපු මහලේකම්, වර්තමාන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

මේ වන විට ශ්‍රීලනිපය කණ්ඩායම් තුනකට බෙදී ඇති බවද දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වාදෙයි.

පහතින් දැක්වෙන්නේ ශ්‍රීලනිපයේ බෙදීම සම්බන්ධයෙන් ඔහු දක්වා ඇති අදහස් කිහිපයකි.

– ඔබ සජබ සහ නිද­හස් පක්ෂය අතර දෝල­නය වෙනවා වගේ පෙනෙන්නේ?

අපි සමගි ජන බල­වේ­ග­යට අයිති සන්ධා­න­යයි නියෝ­ජ­නය කරන්නේ. ඒ තුළ පක්ෂ ගණ­නා­වක් වෙනවා. නිද­සුන් විදි­හට රාවුෆ් හකීම් මැති­තු­මාගේ පක්ෂය, රිෂාඩ් බදු­ර්දීන්, සුම­න්දි­රන් මැති­තු­ම­න්ලාගේ පක්ෂ ආදිය පෙන්වා දෙන්න පුළු­වන්. ඒත් මං තව­මත් නිද­හස් පක්ෂයේ සාමා­ජි­ක­යෙක්. ඒ අන­න්‍ය­තාව නැති කර­ගෙන නැහැ. අනෙක, මෙතැ­නදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය විදි­හට අපි කණ්ඩා­ය­මක් විත­රයි සමගි ජන සන්ධා­නය සමඟ එකතු වී ඉන්නේ.

– ඒ අත­ර­තුර ඔබ­ලාගේ පක්ෂය බෙදී වෙන්වෙලා නේද?

ඔව්. කොටස් තුන­කට බෙදී තියෙ­නවා. පිරි­සක් නිමල් සිරි­පාල ද සිල්වා මැති­තුමා එක්ක ඉන්නේ. තවත් කණ්ඩා­ය­මක් සජිත් ප්‍රේම­දාස මහ­තාට එකතු වුණා. ඒ හැර මෛත්‍රී­පාල සිරි­සේන මහතා ඇතුළු පිරි­සක් විජ­ය­දාස රාජ­පක්ෂ මහතා එක්ක ඉන්නේ. කෙටි කාල­ය­කදී මේ පක්ෂය මෙත­රම් විනාශ කළේ පක්ෂ­යට උඩින් ගිහින් ඇමැ­ති­කම් භාර ගත් නිමල් සිරි­පාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩා­ය­මයි. ඒ අයට දැන් පක්ෂය ගැන කතා කර­න්න­ට­වත් අයි­ති­යක් නැහැ. ඒත් මං පක්ෂය රැක­ගෙන හිටියා.

අනෙක මේ වන­විට පක්ෂ­යට අදාළ නඩු ගණ­නා­ව­කුත් විභාග වෙන­වානේ. ඒ හැර පෙරත් අධි­ක­ර­ණය මඟින් මා පක්ෂ­යෙන් ඉවත් කිරීම වැරදි බවට නඩු තීන්දු දෙකක් දී තිබෙ­නවා. ඒ සෑම වතා­ව­ක­දීම රනිල් වික්‍ර­ම­සිංහ ආණ්ඩු­වෙන් ලැබුණු ඇමැති බල­තල පාවිච්චි කර­මින් පෙර කී අය මට පක්ෂ කාර්යා­ල­යට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. ඒත් මං අත්­හ­රින්නේ නැහැ.

ඇත්තෙන්ම, අපේ පක්ෂ ව්‍යව­ස්ථා­වට අනුව දේශ­පා­ලන මණ්ඩ­ලය කැඳ­විය හැක්කේත් සභා­ප­ති­ව­ර­යා­ටම පම­ණයි. මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ සභා­පති ධුරය තාව­කා­ලි­කව අධි­ක­ර­ණ­යෙන් අත්හි­ටු­වනු ලැබුවා. ඒ අනුව පක්ෂ­යට සභා­ප­ති­ව­ර­යකු අහිමි වුණා. ඒ අනුව නිමල් සිරි­පාල ද සිල්වා මහතා ඇතුළු පිරි­සගේ පත්වීම් නීතිවිරෝ­ධියි. ඒත් ඒ මහතා ඇතුළු පිරි­සක් අනී­ති­කව දේශ­පා­ලන මණ්ඩ­ලය කැඳ­වනු ලැබුවා. ඒත් ඊට නිල වශ­යෙන් සම්බන්ධ වුණේ පක්ෂ සාමා­ජි­ක­යන් තිදෙ­නකු විත­රයි. ඇත්තෙන්ම එහි පහ­ළොස් දෙනකු සිටිය යුතුයි.

හැබැයි, දැන් කලින් කියූ තුන් දෙනා­ගෙන් දෙදෙ­න­කුව වැඩ­බ­ලන සභා­පති සහ වැඩ­බ­ලන ලේකම් විදි­හටත් පත්කර­ගෙන තිබෙ­නවා. ඒකත් වැර­දියි.

අනෙක, අපේ පක්ෂ ව්‍යව­ස්ථා­වට අනුව වැඩ­බ­ලන සභා­ප­ති­ව­ර­යකු සිටිය නොහැ­කියි. මෑත­කදී ඒ අයම නැවත රැස්වී සභා­ප­ති­ව­ර­යකු, ලේක­ම්ව­ර­යකු පත් කර­ගෙන තිබු­ණත් ඔවුන්ට ඊට බල­යක් නැහැ. එහෙව් ඒ අය නිද­හස් පක්ෂයේ ගොඩ­නැ­ඟි­ල්ලත් බලෙන් අල්ලා­ගෙන ඉන්නවා. ඒ අයට ඕනෑ අය පත් කර­නවා. මං ඒ පත්වී­ම්ව­ලට විරු­ද්ධව නඩු පවරා තිබෙ­නවා. ජන­වාරි 10දා එහි නඩු තීන්දුව ප්‍රකාශ කිරී­මට නිය­මි­තයි. නැවත ලේක­ම්ව­රයා විදි­හට පක්ෂය ඇතු­ළට යෑමෙන් පසුව භේද­යක් නැතිව පක්ෂයේ සිය­ල්ලන් සමඟ සාකච්ඡා කර­මින් නැවත එය ගොඩ­නැ­ඟීම මගේ බලා­පො­රො­ත්තු­වයි.