
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත පදනම්ව විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් තොගයක් සොයාගෙන තිබේ.
සැකකරුට අයත් ගිනි අවියක් සහ අනෙකුත් දේපළ දැනට විදේශගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවකුගේ භාරයේ මෙරට සඟවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අනාවරණ කරගෙන තිබිණි.
ඒ අනුව, විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක්, T-56 අවි සඳහා භාවිත කරන මැගසින් දෙකක් සහ සජීවී T-56 පතොරම් 267ක් සොයා ගෙන ඇත.
නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි කිරීමදී එඩේරමුල්ල සහ කොළඹ-මීගමුව ප්රධාන මාර්ගය අතර මාර්ගයක තාවකාලිකව ඉදිකරන ලද කාමරයක සඟවා තිබූ මෙම භාණ්ඩ සොයා ගෙන තිබේ.
විශේෂ කාර්ය සාධක බලකායේ කැළණිය කඳවුරේ නිලධාරීන්ගේ සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙහෙයුම සිදු කරන ලදී.
ඉන්දුනීසියාවේ සිට ශ්රී ලංකාවට ගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ දැනට රැඳවුම් නියෝගයක් යටතේ රඳවාගෙන සිටියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart