
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට මුහුදු සීමාව තුළ ඉන්දීය ධීවරයන් විසින් සිදුකරන අනවසර ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් උතුරේ ධීවරයෝ දහසකට අධික පිරිසක් විරෝධතාවක නිරත වූහ.
ඔවුන් පෙන්වාදෙන්නේ, මෙරට මුහුදු සීමාවේ තමිල්නාඩු ධීවරයින් විසින් නීතිවිරෝධී ලෙස ට්‍රෝලර් යාත්‍රා දියත් කිරීම හමුවේ තමන් දීර්ඝ කාලයල ලෙස ගැටලුවලට මුහුණ පා ඇති බවයි.
ඒ අනුව උතුරු ආණ්ඩුකාර කාර්යාලයට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට පෙත්සම් භාරදෙමින් ධීවරයින් පැවසුවේ, ඔවුන්ට ඉක්මණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.
ඉකුත් දා බලපෑ ගංවතුර ආපදාව හමුවේ ඉන්දියාව මෙරටට ලබාදුන් මානුෂීය ආධාර සඳහා කෘතඥතාව පළකළ ධීවරයින් පවසන්නේ ඔවුන්ගේ ජීවනෝපාය කොල්ලකෑමෙන් වළකින ලෙස ද ඉන්දියාවෙන් ඉල්ලා සිටින බවයි.
මෙම ගැටලු සඳහා විසඳුමක් ලබාදීමට රජය අසමත් වුවහොත්, ඔවුන්ගේ ඊළඟ විරෝධතාව යාපනය කලාපයෙන් ඉවත් වන ලෙස ඉල්ලා ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය ඉදිරිපිට පවත්වන බවත්, ඔවුන් කාර්යාලය ද ආක්‍රමණය කරන බවත් ධීවරයො පැවසූහ.
එමෙන්ම ධීවරයින් පැවසුවේ, ඔවුන්ට ඉන්දියාව අවශ්‍ය නොමැති බව සහ ඔවුන් චීනයට හෝ ඇමරිකාවට ඉඩ දෙන බවත්ය.
රජය මේ සඳහා පියවර ගැනීමට උත්සාහ කරන නමුත් එම ක්‍රියාමාර්ග සඳහා බලපෑම් එල්ල වන බව ද ඔවුහු පෙන්වාදුන්හ.(The Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart