
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුණ ගැසීමට දැරූ උත්සහයක් ව්‍යර්ථ වීම සම්බන්ධයෙන් විදෙස් ජනමාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ.
එම ජනමාධ්‍ය වාර්තා කළේ පුටින්ව හමුවීමට පකිස්තාන අග්‍රාමාත්‍යවරයා දැඩි වෙහෙසක් දැරූ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ එම අවස්ථාව හාස්‍යයට ලක්වෙමින් පවතින බවයි.
ටර්ක්මෙනිස්තානයේ අෂ්ගබාත් හි පැවැති ජාත්‍යන්තර සමුලුවක් අතරතුර පකිස්තාන අග්‍රාමාත්‍යවරයා එලෙස රුසියානු නායකයා හමුවීමට සැලසුම් කර තිබිණි.
හමුව පැවැත්වීමට නියමිත ස්ථානයට පැමිණි පකිස්තානු අග්‍රාමාත්‍යවරයා පුටින් එහි පැමිණෙන තුරු බලා සිටියද පුටින් පැමිණ නොමැති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම අවස්ථාවේදී රුසියානු ජනාධිපති පුටින් යාබද වෙනත් ස්ථානයකදී තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා වටයක් සඳහා සහභාගී සිටි බව ද සඳහන් වේ.
කෙසේවෙතත් රුසියානු නායකයා තමන් හමුවීමට පැමිණෙන තෙක් විනාඩි 40 ක පමණ කාලයක් බලා සිටි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා නොඉවසිලිමත් ලෙස රුසියානු – තුර්කි නායකයින්ගේ හමුව පැවැති ස්ථානයට පැමිණ ඇතැයි වාර්තා වේ.
එහි විනාඩි 10 ක පමණ කාලයක් රැඳී සිටි ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස උපහාසයට ලක්ව තිබේ.
ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මෙම සිදුවීම හමුවේ ෂරීෆ්ගේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකලාපය ප්‍රශ්න සහගත බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් X සමාජ මාධ්‍ය ඔස්සේ එක් පරිශීලකයෙක් පවසා තිබුණේ ”පුටින් යාචකයින් වෙනුවෙන් තම කාලය නාස්ති කිරීමට කැමති නැත” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart