
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය තෙදින ඉන්දීය සංචාරය අදින් ආරම්භ කළ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී කොල්කටාවේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ තිබේ.
මෙසී පිටියට පැමිණීමත් සමග ප්‍රසිද්ධ පුද්ගලයන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, සංවිධායකයන් සහ අනවසර පුද්ගලයන් පවා ඔහු වටා රොක්වීම හේතුවෙන් සැලසුම් කළ ආරක්ෂක විධිවිධාන උල්ලංඝනය වීම හමුවේ ව්‍යාකූලත්වයක් මතුවූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙසීගේ නිල ආරක්ෂකයන් සහ අවසර ලත් පුද්ගලයන් හැරුණු කොට අනෙක් පිරිසට මෙසීගේ ආසන්නයෙන් ඉවත් වන ලෙස සංවිධායකයන් දැනුම් දී තිබූ නමුත් රැස්ව සිටි පිරිස් එම දැනුම්දීම් නොසලකා හැරි බව වාර්තා වේ.
බොහෝ පිරිසක් මෙසී සමග සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට සහ ඔහුගේ අත්සන ලබාගැනීමට උත්සාහ කළ අතර, එහිදී තවදුරටත් අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය විය.
ප්‍රේක්ෂකයන්ගේ පීඩනය උත්සන්න වීම හමුවේ මෙසී සැලසුම් කළ කාලයට පෙර ක්‍රීඩාංගණයෙන් පිටව ගොස් ඇති අතර, එහිදී කෝපයට පත් රසිකයන් බෝතල් සහ පුටු විසිකර දේපළවලට හානිකළ බව වාර්තා වේ.
ලයනල් මෙසී කෙටි වේලාවක් තුළ ක්‍රීඩාංගණයෙන් පිටව යාම සම්බන්ධයෙන්, ඔවුන් සංවිධායකයින්ගේ දුර්වල සැලසුම් කිරීමක් බව පවසමින් චෝදනා එල්ල කළ අතර ටිකට්පත් සහ ගමන් සඳහා අධික මුදලක් වැයකළද මෙසීව නිසි ලෙස දැකගැනීමට නොහැකි වූ බවට ද රසිකයින් චෝදනා කරති.
මෙම අවස්ථාව වෙනුවෙන් අදාළ සංවිධායකයන් ඉන්දීය රුපියල් 18,000ක මුදලකට ප්‍රවේශපත්‍රයක් අලෙවිකර ඇති බවත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart