
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිය ඉන්දීය සංචාරයට සමගාමීව කොල්කටාවේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයේ පිහිටි අඩි 70ක් උස සිය ප්‍රතිමාවක් දුරස්ථ තාක්ෂණයෙන් නිරාවරණය කර තිබේ.
අද පෙරවරුවේ පැවති උත්සවයට බටහිර බෙංගාල අමාත්‍ය සුජිත් බෝස් සහ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ද සහභාගී වූහ.
යුව භාරතී ක්රිරංගණයේ පැවැත්වෙන උත්සවය ආරම්භ වන තෙක් මෙසී රැඳී සිටින්නේ ෂාරුක් ඛාන් සමඟය.
2022 FIFA ලෝක කුසලාන ජයග්‍රාහණය කළ මෙසී අද පස්වරුවේ හයිද්‍රාබාද් බලා පිටත්ව යෑමට පෙර කොල්කටාවේ විවිධ වැඩසටහන්වලට සහභාගී වනු ඇත.
ඔහු දින තුනක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.
මියාමි සිට පැමිණෙන මෙසී දැකබලා ගැනීම සඳහා දහස් ගණනක් රසිකයන් විවිධ ස්ථානවල රැස්ව සිටිනු දක්නට ලැබිණි.
මෙසී සහභාගී වීමට නියමිත ඉසව් අතරට හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සෞරව් ගංගුලි සහ බටහිර බෙංගාල මහ ඇමතිනි මමාතා බැනර්ජි සමඟ රැස්වීම් ද ඇතුළත් වේ.
කොල්කටාවෙන් පසුව, මෙසී හයිද්‍රාබාද්, මුම්බායි සහ දිල්ලි වෙත ද සංචාරය කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart