
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී මේ වසරේ දෙසැම්බර් 13 වනදා ඉන්දියාවේ සංචාරය කරන බවට එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
එම සංචාරයට සමගාමිව මෙසී කොල්කටා, නවදිල්ලි, අහමදාබාද් සහ මුම්බායි යන නගරවල සංචාරය කිරීමට නියමිතය.
එහිදී බොහෝදුරට කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී Goat Cup නමින් පාපන්දු තරගයක් සහ Goat Concert ලෙස මෙසී සමග උත්සවයක් පැවැත්වීමටත් සැලසුම් කර ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
දින 03 ක් පුරා සිදුකෙරෙන මෙසීගේ මෙම ඉන්දීය සංචාරය හැඳින්වෙන්නේ ද ‘The GOAT Tour’ ලෙසයි.
ඉන්දීය ක්‍රිකට් පිටියේ ජනප්‍රිය තරු වන සචින් තෙන්දුල්කාර්, එම්.එස්. දෝනි, රෝහිත් ශර්මා සහ විරාට් කෝලි සමග මෙසී හමුවක් ද සූදානම් කර ඇති බවට එරට ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ලියොනල් මෙසී දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක් දෙසැම්බර් 15 වනදා පැවැත්වෙනු ඇතැයි එම පුවත්වල වැඩිදුරටත් පැවසේ.
මෙම සංචාරයේදී මෙසී සමඟ ඔහුගේ දිගුකාලීන ක්‍රීඩා සහායකයෙකු වන ලුයිස් සුවාරෙස් සහ ආර්ජන්ටිනාවේ මැදපෙළ ක්‍රීඩක රොඩ්රිගෝ ද පෝල් ද එක්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart