
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්තානය තුළ පවතින පිරිසිදු පානීය ජල අර්බුදය පිළිබඳ නවතම වාර්තාවකින් කරුණු අනාවරණ කර තිබේ.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව (ADB) සිය නවතම ජල සංවර්ධන ඉදිරි දැක්ම වාර්තාවේ සඳහන් කර ඇත්තේ පාකිස්තානයේ ජනගහනයෙන් සියයට 80 කට ආසන්න පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බවයි.
හදිසි ප්‍රතිසංස්කරණ සහ ප්‍රධාන ආයෝජන නොමැති නම් රට උග්රවන ජල අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බවට ද එමගින් අනතුරු අඟවා තිබේ.
එම වාර්තාවට අනුව, ජල පාලනය ශක්තිමත් කිරීමට සහ සැපයුම, යටිතල පහසුකම් සහ ආයතනික ධාරිතාවයේ තීරණාත්මක හිදැස් පියවා ගැනීමට ඉදිරි දශකය තුළ පාකිස්තානයට ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 35–42 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇත.
වේගවත් ජනගහන වර්ධනය ඒක පුද්ගල ජල ලබා ගැනීමේ හැකියාව තියුනු ලෙස අඩු කර ඇති අතර එය ඝන මීටර් 2,400 කින් පහත වැටී ඇත.
1972 සිට 2030 දක්වා කාලය තුළ, ජල සැපයුම ඝන මීටර් 3,500 සිට ඝන මීටර් 1,100 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය ජලයෙන් බෝවන රෝග පැතිරීමේ වැඩිවීමට දායක වන බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.
කෘෂිකර්මාන්තයේ අධික ජල භාවිතය භූගත සංචිත ක්ෂය කිරීමට සහ දූෂණය වැඩි කිරීමට අඛණ්ඩව දායක වන බව ද වාර්තාවේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart