
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහය වාහන ආනයනකරුවන් සඳහා විශේෂ සහනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේදී ආනයනික වාහන නිෂ්කාශනය සඳහා අමතර දින පහක් ලබා දී ඇත.
ඒ අනුව, දෙසැම්බර් 5 සිට 15 දක්වා නිෂ්කාශනය කරන ලද වාහන සඳහා මේ වනවිට ප්‍රකාශිත ගාස්තු යටතේ සම්මත දින දර්ශනයේ දින 10ක කාලයකට සහ මෙම නව සහනය යටතේ අමතර දින පහක් ඇතුළුව නොමිලේ දින 15 ක් හිමිවනු ඇත.
කෙසේවෙතත් හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහය පවසන්නේ, මෙම කාලසීමාවෙන් ඔබ්බට කිසිදු දීර්ඝ කිරීමක් ලබානොදෙන බවයි.
2025 දෙසැම්බර් 1 වැනි දින කොළඹදී පැවැති ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති හමුවකින් පසුව මෙම පියවර ගෙන තිබේ.
සභාපති මධුෂාන් මාන්නප්පෙරුම, උපසභාපති අරෝෂ රොද්‍රිගෝ සහ ලේකම් උස්මාන් අලි ලියකත් අලි ඇතුළු වාහන ආනයනකරුවන්ගේ සංගමය නියෝජිතයන්, වාහන මාරුකිරීමේ ප්‍රමාදයන්, මඩ සහ දූවිලිවලින් එල්ලවන බලපෑම්, වාහන අයිතම අස්ථානගතවීම සහ දීර්ඝ ප්‍රමාද ගාස්තු රහිත කාලසීමාවක් සඳහා අවශ්‍යතාවය ඇතුළු හම්බන්තොට වරායේ ආනයනකරුවන් මුහුණදෙන මෙහෙයුම් අභියෝග කිහිපයක් එහිදී මතුකර තිබේ.
බොහෝ ප්‍රමාදයන් බාහිරින් ලබාගත් සේවා සපයන්නා සමඟ ඇති ගැටළු හමුවේ මතුවී ඇති බව හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහය පිළිගෙන ඇති අතර මෙම මාසය තුළ මෙම ගැටළුව විසඳීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව ද තහවුරු කර ඇත.
මීට අමතරව, වාහන ගබඩා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා 2026 ජනවාරි වන විට වරාය සඳහා අලුතින් තාර දැමූ අංගන ඉඩ ප්‍රමාණයට හෙක්ටයාර 12ක් අලුතින් එකතු කිරීමට සැලසුම් කරයි.
වාහන අයිතම අස්ථානගත වීම සම්බන්ධයෙන් වරාය සඳහන් කර ඇත්තේ, ඔවුන්ගේ පරිපාලන ප්‍රදේශය තුළ නොව පිටවීමේ ස්ථානයේ සංවිධානාත්මක සොරකම් සිදුවන බවට සාක්ෂි පවතින බවයි.
එම තත්වයන් අධීක්ෂණය සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල් ගණන් කිරීමේ පත්‍ර පද්ධතියක් හඳුන්වාදීමට වාහන ආනයනකරුවන්ගේ සංගමය එහිදී යෝජනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart