
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලින් වඳුරු උණ ලෙස හැඳින්වූ mpox වෛරසයේ නව ප්‍රභේදයක් එංගලන්තයේ පුද්ගලයකුගෙන් අනාවරණය වී ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රභේදය mpox වෛරසයේ ප්‍රධාන වර්ග දෙකක මිශ්‍රණයක් වන අතර, එය හඳුනාගෙන ඇත්තේ මෑතකදී ආසියාවේ සංචාරය කර ආපසු පැමිණි පුද්ගලයකුගෙන් බව වාර්තා වේ.
නිලධාරීන් පවසන්නේ ඔවුන් තවමත් නව ප්‍රභේදය තක්සේරු කරමින් සිටින බවයි.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසන්නේ වෛරස් පරිණාමය වීම සාමාන්‍ය දෙයක් බවයි.
එන්නත් කිරීම දරුණු රෝගවලින් ආරක්ෂා වීමට හොඳම ක්‍රමය ලෙස පැවතියත් mpox ආසාදනය බොහෝ දෙනෙකුට ඇතිකරන්නේ මෘදු බලපෑම් ය.
නව වෛරස් ප්‍රභේදයට ක්ලේඩ් Ib සහ ක්ලේඩ් IIb ලෙස හඳුන්වන mpox ප්‍රභේද දෙකක මූලද්‍රව්‍ය අඩංගු වේ.
එයට දැනට නමක් දී නොමැත.
‘clade Ib’ නම් ප්‍රභේදය ඇතැම් යුරෝපීය රටවල දේශීය පැතිරීමේ මුල් සලකුණු පෙන්නුම් කළ බැවින් එක්සත් රාජධානිය ඒ පිළිබඳ සැළකිලිමත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය හඳුනාගෙන තිබේ.
‘Clade IIb’ 2022 දී ලොව පුරා බොහෝ රටවලට බලපෑ mpox හි ගෝලීය වසංගතයට සම්බන්ධ වී ඇති අතර එය ලොව පුරා බොහෝ රටවලට බලපෑවේය.
mpox ආසාදනය වීමේ වැඩිම අවදානමක් ඇති පුද්ගලයන් කණ්ඩායම් සඳහා එක්සත් රාජධානිය එන්නත ලබා දෙයි.
එම කණ්ඩායම් වන්නේ බහු ලිංගික සහකරුවන් සිටින අය, සමූහ ලිංගික සම්බන්ධතා පවත්වන අය, ලිංගික සම්බන්ධතා පවත්වන ස්ථාන නැරඹීමට පැමිණෙන අය යන කණ්ඩායම් ය.
සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ එන්නත mpoxවලින් ආරක්ෂා කිරීම සඳහා එන්නත 75-80% ඵලදායී බවයි.
මෙම නවතම ප්‍රභේදය සඳහා එන්නත කෙතරම් හොඳින් ආරක්ෂාව සපයන්නේ ද යන්න පිළිබඳ කිසිදු අධ්‍යයනයක් කර නොමැති නමුත්, එය ඉහළ මට්ටමේ ආරක්ෂාවක් ඇතැයි සැළකේ.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය ටෲඩි ලැන්ග් පැවසුවේ නව mpox වෛරසයක මෙම සිද්ධිය mpox ගෝලීය වශයෙන් සංසරණය වන බවත් පරිණාමය වෙමින් පවතින බවත් ඉස්මතු කරන බවයි.
එක්සත් රාජධානියේ සහ වෙනත් තැන්වල මෙම ප්‍රභේදයේ තවත් අවස්ථා මතු වුවහොත්, එය පෙර ප්‍රභේදවලට වඩා වැඩි හෝ අඩු මට්ටටමේ භයානකද තත්ත්වයක් ද යන්න තක්සේරු කිරීම සඳහා එය පැතිරෙන ආකාරය සහ එය මිනිසුන් කෙතරම් ප්‍රමාණයක් රෝගාතුර කරයිද යන්න තේරුම් ගැනීම වැදගත් වනු ඇති බව මහාචාර්ය ලැන්ග් පැවසුවේය.
2025 දී ගෝලීය වශයෙන් තහවුරු කරන ලද mpox රෝගීන් 48,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, පසුගිය මාසයේ 2,500ක් වාර්තා වී තිබිණි.
ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ මධ්‍යම අප්‍රිකාවෙන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart