
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිස්ත්‍රික්ක 14 කට අයත් නායයාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ සිතියම්ගත කිරීම දෙසතියකින් ආරම්භ කෙරෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.
අංශක 45 ට වැඩි බෑවුම් සහිත ස්ථාන නායයෑම් වලට ගොදුරු විය හැකි නමුත් අසාමාන්‍ය ලෙස ඉහළ වර්ෂාපතනයක් ඇති වුවහොත් අංශක 20-30 අතර ප්‍රදේශ ද නායයෑමට ලක්විය හැකි බව ඔහු පැවසීය.
නායයෑම්වලට ගොදුරු විය හැකි දිස්ත්‍රික්ක අටක සහ ඒවාට මායිම්ව ඇති දිස්ත්‍රික්ක හයක සිතියම්ගත කිරීම සිදුකරන බව පෙන්වාදුන් මහාචාර්යවරයා පවසන්නේ, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය සහ විශ්ව විද්‍යාල භූ විද්‍යා පීඨ විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
දිත්වා සුළිකුණාටුව හමුවේ රට මුහුණ පෑ ව්‍යසනයේදී නායයෑම්වලින් පීඩාවට පත් ස්ථාන කළින් හඳුනාගෙන ඇති අතර ඒවාට රතු නිවේදන නිකුත් කර ඇති බව ද ඔහු පෙන්වාදෙයි.
මිලිමීටර් 400 ත් 500 ත් අතර අධික වර්ෂාවක් ඇති වුවහොත් බෑවුම් මෙන්ම අඩු බෑවුම් සහිත ප්‍රදේශ ද නායයෑම් අවදානමට ලක්විය හැකි බව ඔහු පවසයි.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, නායයෑමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර ඇති නමුත් ඉඩම් හිඟය නිසා එය නොසලකා හැර ඇති බවයි.
රඹුක්කන ප්‍රදේශයෙන් ඔබ්බට ඇති උඩරට දුම්රිය මාර්ගය වසර 150 කට වඩා පැරණි බවත් ඒ පිළිබඳව හොඳින් පරීක්ෂා කළයුතු බවත් මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වාදෙයි.
එමෙන්ම ඔහු පවසන්නේ, තම නිවාස අසල බිම ඉරිතැලීම් හෝ කුහර ඇති වුවහොත් එවැනි අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දැඩි වර්ෂාපතනයක් ඇති වූ විට ආරක්ෂිත ස්ථාන කරා යොමුවිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart