
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමෙන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ අගමැති හරිනි අමරසුරියගෙන් ඉල්ලීමක් කර ඇත.
අගමැතිනිය වෙත ලිපියක් යොමුකරමින් නීතිඥ නාමල් රාජපක්ෂ මෙසේ සඳහන් කර ඇත.
‘පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ගංවතුර ගැලීම් හා නායයාම් නිසා රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත හානි වගේම දේපල හානි සිදු විය. ඒ වගේම ජලාශ, ගංගා, වැව් අමුණු, ඇලවේලි ඇතුළු අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂි, ධීවර, කර්මාන්ත, ස්වයංරැකියා, සංචාරක, ආනයන-අපනයන, සේවා සහ ව්‍යාපාර ඇතුලු සියලුම ක්ෂේත්රයන්ට අදාළව හානි, බලපෑම් සහ විනාශයන් සිදුවිය. මෙයින් ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට ද බරපතල හානි සිදුවිය. එය අදටත් නිශ්චිතව ගණනය කළ නොහැකිව ඇත.
මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් අප ඉතා ඉක්මනින් වගකීම් සහගතව මැදිහත් විය යුතුය. දැනටමත් අප ප්‍රායෝගිකව ඒ සඳහා මැදිහත්ව සිටින අතර, ජන ජීවිතය සෑම අංශයකින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව විධිමත්ව මීට වඩා මැදිහත් විය යුතු බවට අපගේ විශ්වාසයයි.
ඒ අනුව, ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන මෙන්, පක්ෂයක් ලෙස අප ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart