
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදාවට ලක්ව පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ ගොඩනැගිලි පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතුව ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොමැති පසුබිමක් තුළ එම සංවිධානය එම විෂය දැනුම ඇති පිරිස්වල සහාය බාහිරින් ලබාගැනීම සම්බන්ධයෙන් කඹ ඇදිල්ලක නිරත වීම නිසා අදාළ ගොඩනැගිලි සඳහා වන්දි ලබාදීමේ සහ ඒවා හි නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල අවුල් ජාලයක් බවට පත්වන ස්වභාවයක් මතුව තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ හානි වූ ගොඩනැගිලි පරීක්ෂා කිරීම සඳහා සහාය වීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ-විද්‍යා අංශයේ කථිකාචාර්යවරු 12 දෙනෙකු කැමැත්ත පළකර ඇතත් ඔවුන්ගේ සහාය ලබාගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙතෙක් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ජනපති අනුර කුමාර දිසානායක ද ප්‍රශ්න කළේය.
පසුගිය ආපදා තත්ත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස ඇතුළු ගොඩනැගිලි 3,144කට පූර්ණ හා අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.
එම ගොඩනැගිලි යළි භාවිතයට නොගෙන සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ ඒවාහි නැවත පදිංචි කිරීම සුදුසු ද යන්න මුළුමනින් ම තීරණය වන්නේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කරනු ලබන වාර්තා පදනම් කරගෙනය.
අදාළ වාර්තා ලබා දීම ප්‍රමාදවීමෙන් දැනට අවතැන් කඳවුරුවල සිටින පිරිස් ඔවුන්ගේ නිවෙස් කරා යොමු කිරීම සහ වන්දි ප්රදානය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට නොහැකි බව සම්බන්ධීකරණ කමිටුවේදී ද දැඩි කතාබහට ලක්විය.
මහනුවර දිස්ත්‍රික්කයේ හානි වී තිබෙන ගොඩනැගිලි පරීක්ෂා කිරීම සඳහා භූ-විද්‍යාඥයන් දෙදෙනකු බැගින් වූ කණ්ඩායම් 15ක් යෙදවීමට අපේක්ෂා කළත් මේ වන විට එම වැඩපිළිවෙල සිදුකරනු ලබන්නේ කණ්ඩායම් 08ක සහභාගීත්වයෙන් පමණක් බව ද මෙහිදී මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පැවසුවේය.
ගංවතුරෙන් හා නායයෑම්වලින් මහනුවර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ ස්ථාන 335ක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හඳුනාගෙන තිබේ.
පාසල් 135කට හා කලාප කාර්යාල ඇතුළු අධ්‍යාපන ආයතන 05කට හානි සිදුව තිබෙන බව ත් අදාළ පාසල් විවෘත කළ හැකිවන්නේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත බවත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
හානියට පත්ව තිබෙන ගොඩනැගිලි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ දැනුම තිබෙන කණ්ඩායම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අමතරව තවත් කණ්ඩායම් සිටින බව ත් පිරිස් බලය අඩුව තිබියදීත් ඔවුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි ද යන්න සම්බන්ධව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා තීරණයක් ගන්නා බව ත් ජනපතිවරයා සම්බන්ධීකරණ කමිටුවේදී පැවසුවේය.
ගොඩනැගිලි පරීක්ෂා කර ලබාදෙන වාර්තාවට නෛතිකභාවය ලැබෙන්නේ, ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඊට මැදිහත් වුවහොත් පමණක් බැවින් බාහිර විද්වතුන්ගේ සහාය ලබාගෙන සියලු දෙනා එක් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම මෙම අවස්ථාවේ ඉතා වැදගත් බවත් ඔහු කීය.
කඩිනමින් පාසල් විවෘත කරගත යුතුව තිබෙන බව ත් කඳවුරුවල සිටින පාසල් දරුවන් ඇතුළු ජනතාව කඩිනමින් ඔවුන්ගේ නිවෙස් කරා යොමු කළ යුතුව තිබෙන බව ත් පෙන්වා දුන් ජනපතිවරයා රට කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම අවස්ථාවේ රාජ්‍ය අංශයේ සියලු ආයතන ඒකාබද්ධව විධිමත් සැලසුමක් අනුව කටයුතු කිරීම වැදගත් බවද අවධාරණය කළේය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart