
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට දුම්රිය සේවා සීමා කර ඇති හෝ අත්හිටුවා ඇති ප්‍රදේශවල පමණක් දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර ඇති මගීන්ට ශ්‍රී ලංගම බස් රථවල ගමන් කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කර ඇත.
සාමාන්‍ය පරිදි දුම්රිය මෙහෙයුම් ක්‍රියාත්මක වන ප්‍රදේශවල බස් රථවල යෑම සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කිරීමට උත්සාහ කළ මගීන් පිළිබඳ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංගම සඳහන් කළේය.
මේ අතර, මහනුවර-කොළඹ මාර්ගයේ ගමන් කරන මගීන් සඳහා හෙට උදෑසන විශේෂ බස් රථ යොදවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
මෙම විශේෂ බස් රථවල ගමන් කිරීමට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කිරීමට ද අවසර දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල තහවුරු කළේය.
මේ අතර, පේරාදෙණිය ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා ද්විත්ව මංතීරු දුම්රිය පාලමක් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය පැවසුවේ වත්මන් පාලම තවදුරටත් අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වයට අබලන් වී ඇති බවයි.
එබැවින්, මෙම ගැටළුව සම්බන්ධයෙන් හෙට දින සුදුසු තීරණයක් ගන්නා බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart