
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නායයෑම් හේතුවෙන් අවතැන් වූවන්ට ඔවුන්ගේ හානියට පත් නිවාස හෝ ඉඩම් වෙත නැවත යෑමට රජය ඉඩ නොදෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.
නායයෑම් අවදානමට ලක්විය හැකි ඉඩම් රජය විසින් අත්පත් කර ගන්නා බවත්, ඉඩම් සහ නිවාස අහිමි වූවන්ට විකල්ප ඉඩම් ලබා දෙන බවත් ඔහු පැවසීය.
නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ජනතාව පදිංචි වීම වැළැක්වීම සඳහා අදාළ ඉඩම් නීති සංශෝධනය කරන බව චන්ද්‍රකීර්ති පැවසීය.
“සුනාමියෙන් පස්සේ එයින් පීඩාවට පත් වූවන්ට රජය ඉඩම් ලබා දුන්නත් මුහුදු ඛාදනයෙන් හෝ සුනාමියෙන් අවදානමට ලක් වූ ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගත්තේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට අවතැන් වූවන් අලුතෙන් දීපු ඉඩම් තියාගෙන ඔවුන් පැරණි ඉඩම් වෙත ආපසු ගියා,” ඔහු පැවසීය.
එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට, නායයෑම් අවදානමට ලක්විය හැකි ඉඩම් රජය අත්පත් කර ගන්නා බව ඔහු තවදුරටත් පැවසීය.
ආපදාවෙන් පසු පළමුව අවශ්‍යතා තක්සේරුවක් සිදු කරන බවත්, ඉන්පසුව සුළි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලැබෙනු ඇති බවත් චන්ද්‍රකීර්ති පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් අංශය විසින් සිදු කිරීමට නියමිත මෙම තක්සේරුව සඳහා අවම වශයෙන් මාස තුනක්වත් ගතවනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart