
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, එරට යුධ දෙපාර්තමේන්තුව හෙවත්, පෙන්ටගනයට එරෙහිව නඩු පවරා තිබේ.
ඒ අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින්, පෙන්ටගනයේ පුවත් වාර්තා කරන ජනමාධ්‍ය ආයතනවලට පනවා ඇති නව නීතිවලට එරෙහිවයි..
අමෙරිකානු ආරක්ෂක සහ යුධ තොරතුරු ආවරණය කිරීම සහ වාර්තාකරණයේදී, මාධ්‍යවේදීන් අනුගමනය කළ යුතු, නව ප්‍රතිපත්ති ගණනාවක් පසුගියදා අමෙරිකානු රජය හඳුන්වා දුන්නේය.
කෙසේ නමුත් රොයිටර්ස්, බ්ලුම්බර්ග් , වොෂින්ටන් පෝස්ට් ඇතුළු මාධ්‍ය ආයතන ඊට විරෝධය පළකරමින් කියා සිටියේ නව ප්‍රතිපත්ති, ප්‍රවෘත්ති වාර්තා කිරීමේ නිදහසට දැඩි බාධා එල්ල කරන බවයි..
ඒ අනුව අදාළ ප්‍රතිපත්ති ලේඛනයට අත්සන් නොතැබූ මාධ්‍ය ආයතන, ඔවුන්ගේ අවසරපත් භාරදී පසුගිය ඔක්තෝබර් මාසයේදී පෙන්ටන්ගන් භූමියෙන් පිටව ගොස් තිබිණි.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ, වාර්ෂිකව අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක පමණ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන අමෙරිකානු හමුදාව පිළිබඳ නිසි තොරතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවයි.
පෙන්ටගනය, මහජනතාවගේ සහ මාධ්‍ය ආයතනවල භාෂණයේ නිදහස උල්ලංඝණය කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart