
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් නිවසක් අහිමි වූ අයට නිවස තනාගැනීමට රුපියල් ලක්ෂ 50ක් ද, ඉඩමක් මිලදී ගැනීමට තවත් ලක්ෂ 50ක් ද ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිවේදනය කළේය.
ඊයේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, කුමන ව්යසනයකවත් උදුරා ගැනීමට නොහැකි මනුෂ්‍යත්වයක් රටේ ජනතාව තුළ ඇති බවත්, රට යළි ගොඩනැඟීම සඳහා ඇති එකම ශක්තිය ජනතාවගේ ධෛර්යය සහ අභිලාෂයන් ඔස්සේ වේදනාවේ කඳුළු මතින් රටේ ජීවිත යළි ආලෝකය කරා ගෙනයාම බවත් ය.
මියගිය අයගේ ජීවිත මුදලින් තක්සේරු කිරීමට නොහැකි වුවත් එක් අයකු වෙනුවෙන් ලක්ෂ 10ක් ලබාදීමටත් එය ළඟම ඥාතියවරයකුට ලබාගත හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
අර්ධ වශයෙන් හානි වූ නිවසක් යළි පිළිසකර කරගැනීමට රුපියල් ලක්ෂ 25 දක්වා රජයෙන් ආධාර ලබාදෙන බවද ජනාධිපතිවරයා කීවේය.
ආපදා තත්ත්වය සඳහා දැනටමත් අවශ්‍ය මුදල් වෙන්කර ඇති බවත් අනාගතයේදී ඇති වෙන මුදල් අවශ්‍යතා වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවකින් මුදල් වෙන් කිරීමට ලබන 19දා පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවන බවත් පැවසූ ජනාධිපතිවරයා ඊට විපක්ෂයේ සියලු දෙනා ද සහයෝගය දෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද කීවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart