
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ කේරළ ගංජා සොරාගත් අධිකරණ ලිපිකරුවකු මන්නාරම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයෙන් සොරාගත් කේරළ ගංජා ගංජා කිලෝග්‍රෑම් 03ක් ග්‍රෑම් 820 සහිත පාර්සල් දෙකක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අඩම්පන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහුට ආධාර අනුබල දුන් තවත් එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart