
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 ජූලි 9 වැනි දින ජනාධිපති මන්දිරයෙන් රුපියල් මිලියන 17.85ක් සොයාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලබන ජූලි 27 වැනිදා ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
පුරවැසි බලය සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මීට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නොතීසි නිකුත් කර තිබුණේ මෙම මුදල සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ වරදකාරී කටයුත්තක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
මෙම සිදුවීමට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශං කිරීමකදී, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, අදාළ මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් ලබා දී ඇති බවත්, එම මුදල් විරෝධතාකරුවන් විසින් නිවාස විනාශ කරන ලද පුද්ගලයන් අතරේ බෙදාදීමට සැලසුම් කර තිබුණු බවත්ය.
කෙසේ වෙතත්, අරගලය ක්‍රියාකාරීන් විසින් එම පරිශ්‍රය අත්පත් කර ගැනීමත් සමඟ මුල්‍ය වාර්තාවලට අදාළ ලිපි ලේඛන අස්ථානගත වී ඇති බැවින්, එම මුදල් සඳහා දායක වූ පුද්ගලයන්ගේ නම් හෙළි කිරීමට තමාට හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබිණි.
මේ අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා එම විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බව රහස් පොලිසිය අධිකරණයට දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart