November 27, 2025

පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට (28) සිට වසාතබන බව මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය නිවේදනය කර ඇත.

මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයට අනුව, ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව කාලගුණය යථා තත්ත්වයට පත්වනතුරු මෙසේ නිවාඩු ලබා දී තිබේ.

නොවැම්බර් 26 සහ 27 යන දින දෙක තුළ ආපදා ආශ්‍රිත මරණ 30 ක් වාර්තා වී ඇත.