November 27, 2025

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද(27) සහ හෙට(28) දිනවල අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ සම්බධයෙන් ප්‍රකාශයක් කරන විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා ලියනගේ මෙසේ පවසයි.

“දිවයිනේ මේ වන විට ඇතිවී තිබෙන ආපදා තත්වය හේතුවෙන් අද(27) සහ හෙට(28) දිනවල පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය නොපැවැත්වේ. මේ පිළිබඳව සියලුම අපේක්ෂකයන්ට දැනුම්දෙමි. ඉදිරි සැලසුම් පිළිබඳව පසුව දැනුම්දෙනු ලැබේ.”