November 27, 2025

ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය නිවා­ර­ණය සඳහා ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළට අවශ්‍ය නාවික ආධාර ලබා­දී­මට අමෙ­රි­කා එක්සත් ජන­ප­දය සූදා­නම් බව ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති ජූලි චංග් (Julie Chung) ප්‍රකාශ කරයි.

කොළඹ වරාය සංව­ර්ධ­න­යට මෙන්ම රජයේ ඩිජි­ට­ල්ක­රණ වැඩ­පි­ළි­වෙළ කාර්ය­ක්ෂම කිරීම වෙනු­වෙන් අවශ්‍ය සහාය ලබා­දී­මට ද සිය රජය සූදා­නම් බව තානා­ප­ති­ව­රිය සඳ­හන් කරයි.

අමෙ­රි­කානු තානා­පති ජූලි චංග් මෙම අද­හස් පළ කළේ, වරාය හා ගුවන් සේවා අමා­ත්‍යාංශ පරි­ශ්‍ර­යේදී අමාත්‍ය අනුර කරු­ණා­ති­ලක ඊයේ (26) හමුවූ අව­ස්ථා­වේ­දීය.

අමෙ­රිකා රජ­යෙන් ලැබෙන ආධාර උප­කා­ර­ව­ලට ස්තුතිය පුද කළ අනුර කරු­ණා­ති­ලක අමා­ත්‍ය­ව­රයා දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබ­ඳතා තවත් ශක්ති­මත් කර ගැනී­මට ආරා­ධනා කළේය.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩි­තු­වක්කු, අමා­ත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහ­ත්වරු ද මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.