
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු කාන්තාවක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව චීනයට විරෝධය පළ කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් හි පදිංචි කාන්තාවක් ෂැංහයි ඔස්සේ ගමන් කරමින් සිටියදී චීන බලධාරීන් විසින් එලෙස රඳවා තබා ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් චීනයට විරෝධය පළ කළ ඉන්දියාව අරුණාචල් යනු විවාද රහිතව ඉන්දියානු භූමියක් බව අවධාරණය කර ඇත.
කාන්තාව රඳවා ගනු ලැබූ චීන නිලධාරීන් ඇයට චීන පුරවැසිභාවය ලබා ගත යුතු බව පවසා ඇති බවත්, අරුණාචල් ප්‍රදේශ් ඉන්දියාවේ කොටසක් නොවන බවත් පවසා ඇතැයි වාර්තා වේ.
ෂැංහයි පුඩොං ගුවන්තොටුපළේ චීන ආගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඇගේ ජාතිකත්වය සමච්චලයට ලක් කර ඇගේ ඉන්දියානු පුරවැසිභාවය සහ වීසා ලේඛන ප්‍රශ්න කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් අනතුරුව ෂැංහයි සහ බීජිං කොන්සල් කාර්යාලවල ඉන්දියානු නිලධාරීන් මැදිහත් වී කාන්තාව වෙනුවෙන් පෙනී සිට ඇය මුදා ගෙන ඇත.
මෙය සාමාන්‍ය පුරවැසියෙකුට විසඳිය හැකි දෙයක් නොවන බවත්, එවැනි කාරණා සම්බන්ධයෙන් චීන බලධාරීන්ට සහ රජයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බවත් ඇය ඉල්ලා සිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart