
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පසුගිය වසර නවයක කාලයේ දී මහජන පැමිණිලි 5935ක් ලැබී තිබුණද ඉකුත් වර්ෂය (2024) අවසන් වන විට ඉන් පැමිණිලි 4902ක් හෙවත් සියයට 82ක විමර්ශන කටයුතු අවසන් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.
එමෙන්ම ප්‍රධාන කාර්යාලයට ලැබී තිබූ මහජන පැමිණිලි කිසිවක් විමර්ශනය කර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මහජන පැමිණිලි විමර්ශනය කිරීම ප්රශස්ත මට්ටමට පත්කර ගතයුතුව ඇති බව විගණනය මගින් නිර්දේශ කර ඇත.
මහජන පැමිණිලිවලට අදාළ පාර්ශ්වවලින් කැඳවනු ලැබූ වැඩිදුර තොරතුරු පැහැදිලිව හා නිවැරැදිව ඉදිරිපත් නොකිරීම, පොලිස් විමර්ශන වාර්තා නිසි වේලාවට නොලැබීම හා පැමිණිලි විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයාගේ තනතුරු පුරප්පාඩුව පැවතීම විමර්ශන කටයුතු අවසන් කිරීමට නොහැකි වීමට හේතු වී ඇති බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විගණනයට සඳහන් කර ඇත.
ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart