
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරක්ෂක අංශවල සේවයේ නියුතුව සිටි කණ්ඩායම්වලට චෝදනා එල්ල වල බරපතළ අපරාධ පිළිබඳ යුද හමුදාව සහ නාවික හමුදාව මඟින් විමර්ශන වාර්තා දෙකක් සකස් කිරීමට තීරණය කර ඇත.
ඒ වාර්තා සඳහා බරපතළ අපරාධ 8ක් ඇතුළත් කිරීමට නියමිත අතර, අදාළ චුදිතයන්ගේ ප්‍රකාශ සහ ඔවුන්ගේ ලිපිගොනු වාර්තාද ඒවාට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සේවයේ නියුතුව සිටි සහ දැනට සේවයේ නියුතු කණ්ඩායම් කිහිපයකට පසුගිය කාලයේ බරපතළ අපරාධ චෝදනා ගණනාවක් එල්ල විය. ඒ පිළිබඳ අධිකරණයේ නඩු විභාග වෙමින් තිබේ.
කෙසේවෙතත් මීට පෙර යුද හමුදාවෙන් අවස්ථා කිහිපයකදී එවැනි වාර්තා ඉල්ලා තිබුණද, විවිධ හේතු දක්වමින් එම වාර්තා ලබාදීම ප්‍රමාද කර තිබිණි.
ඊට හොඳම උදාහරණයක් වන්නේ මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේදී යුද හමුදාව කටයුතු කළ ආකාරයයි.
එසේම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නාවික හමුදාවද ඊට අදාළ වාර්තා නියමිත පරිදි ලබාදී තිබුණේ නැත.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart