November 22, 2025

ධීවර ප්‍රජාව සඳහා වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද(22) ආරම්භ වේ.

එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා වයස අවුරුදු 60 සම්පුර්ණවූ පසු ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ ය.