November 22, 2025

මහරගම ගම්මාන පාරේ 4 වැනි පටුමග අසල ත්‍රිරෝද රථයක් තුළ තුවාල සහිත මළසිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිසියට අනුව, මියගිය පුද්ගලයා කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙකි.

සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන බවත්, එය මිනීමැරුමක්ද යන්න තීරණය කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය සඳහන් කරයි.