November 22, 2025

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ නායයෑමකින් එක් අයකු මියගොස් තිබේ.

තවත් තිදෙනෙකු බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, තවත් පස් දෙනෙකු පස්වලට යටවී සිරවී සිටින අතර, ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතී.

ගනේතැන්න හන්දිය අසල වෙළඳසැලක පුද්ගලයන් කිහිප දෙනෙකු මෙම නායයෑමට හසුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.