November 19, 2025

2025 G20 සමුළුව මෙවර දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ.

නොවැම්බර් 22 සිට 23 දක්වා සැලසුම් කර ඇති එම සමුළුව G20 නියෝජනය කරන රටවල රාජ්‍ය නායකයින්ගේ රැස්වීමක් වන එහි විසිවන රැස්වීමයි.

එය දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි සහ අප්‍රිකානු මහාද්වීපයේ පැවැත්වෙන පළමු G20 සමුළුව වනු ඇත.

මේ අතර ඉන්දියාව නිවේදනය කළේ ජී20 සඳහා පිටත්ව යාමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සූදානම් බවයි.

ජොහැන්නස්බර්ග් හි පැවැත්වෙන G20 නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි නොවැම්බර් 21 වනදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන බවත් 23 දක්වා එහි රැඳී සිටින බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ගෝලීය දකුණේ පැවැත්වෙන අඛණ්ඩව සිව්වන G20 සමුළුව මෙය වනු ඇති බවයි.

එමෙන්ම සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා G20 න්‍යාය පත්‍රය පිළිබඳ ඉන්දියාවේ ඉදිරිදර්ශන ඉදිරිපත් කරනු ඇතැයි ද පැවසේ.

අගමැති මෝදි සමුළුවේ සැසි තුනෙහිම කතා කිරීමට අපේක්ෂා කරන අතර තිරසාර ආර්ථික වර්ධනය, G20 හි දායකත්වය: ආපදා අවදානම අඩු කිරීම, දේශගුණික විපර්යාස සහ තීරණාත්මක ඛනිජ ලවණ, කෘතිම බුද්ධිය පිළිබඳ සැසිය ඊට ඇතුළත්.

ඉන්දියාව-බ්‍රසීලය-දකුණු අප්‍රිකාව යන රටවල නායකයින් මෙන්ම G20 සමුළුවට සහභාගී වන තවත් රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ඔහු ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක්වීමට නියමිතයි.