November 16, 2025

පකිස්තානයේ රැඳී සිටින ඇෆ්ගන් සරණාගතයින් අත්අඩංගුවට ගැනීම ඉහළ ගොස් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

එලෙස වැඩිම අත් අඩංගුවට ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පකිස්තානයේ බලුකිස්තානයේ චාගයි සහ ක්වෙටා සහ පන්ජාබයේ ඇටොක් යන දිස්ත්‍රික්කවලයි.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සි වාර්තාවක් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශවලදී ඇෆ්ගන් පුරවැසි කාඩ්පත් (ACC) දරන්නන් හෝ ලේඛනගත නොකළ ඇෆ්ගන් ජාතිකයින් වැඩි දෙනෙකු මෙම වසරේ මාස 10 කට වැඩි කාලයක් තුළ අත්අඩංගුවට ගෙන හෝ රඳවා තබා ගෙන ඇති බවයි.

වැඩිම අත්අඩංගුවට ගැනීම් හෝ රඳවා තබා ගැනීම් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මෙම වසරේ ගතවූ කාලය තුළදීයි.

2025 ජනවාරි 1 සිට නොවැම්බර් 8 දක්වා කාලය තුළ ඇෆ්ගන් ජාතිකයින් 100,971 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 2024 දී ඇෆ්ගන් ජාතිකයින් 9,006 ක් රඳවා තබා ගෙන ඇත.

2023 දී ඇෆ්ගන් ජාතිකයින් 26,299 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවක සඳහන් වන්නේ, 2023 ට පෙර, ඇෆ්ගන් පුරවැසි කාඩ්පත (ACC) දරන්නන් හෝ ලේඛනගත නොකළ ඇෆ්ගන් ජාතිකයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳ දත්ත රැස් කර නොතිබූ බවයි.

2023 ජනවාරි සිට, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) මෙම දත්ත රැස් කිරීමට පටන් ගෙන තිබේ.

මෙම වසරේ නොවැම්බර් 2 සිට 8 දක්වා, ඇෆ්ගන් ජාතිකයන් 13,380 ක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති අතර, එය පෙර සතියට සාපේක්ෂව සියයට 72 ක වැඩිවීමක් සනිටුහන් කරයි.