
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව එරට හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් අමාත්‍යංශය පවසන්නේ ඉන්දියාව බංග්ලාදේශ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවී සිටින බවයි.
ඒ අනුව හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සම්බන්ධයෙන් ‘බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව’ විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව ඉන්දියාව සැලකිල්ලට ගෙන ඇතැයි ද ඉන්ඩීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
සමීප අසල්වැසියෙකු ලෙස, ඉන්දියාව බංග්ලාදේශ ජනතාවගේ එමෙන්ම රටේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, ඇතුළත් කිරීම සහ ස්ථාවරත්වය ඇතුළුව යහපත සඳහා කැපවී සිටින බව ද එම නිවේදනයෙන් දැක්වේ.
ඒ සඳහා සැමවිටම සියලුම පාර්ශවකරුවන් සමඟ ඵලදායී ලෙස කටයුතු කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මහජන විරෝධතා හමුවේ රටින් පිටවූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මේවනවිට ඉන්දියාවේ රැඳී සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart