
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් යන දෙදෙනාම අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව විසින් වරදකරුවන් ලෙස තීන්දු කර ඇති බැවින් වහාම ඔවුන් භාර දෙන ලෙසට බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ දැනට ඉන්දියාවේ සිටින බවට විශ්වාස කෙරෙන ඔවුන් දෙදෙනා, දෙරට අතර පවතින පිටුවහල් කිරීමේ ගිවිසුමේ නියමයන් යටතේ ආපසු භාර දිය යුතු බවයි.
බරපතල වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින්ට රැකවරණය සැලසීම මිත්‍රශීලී නොවන ක්‍රියාවක් ලෙස සලකනු ලබන බවත් එබැවින් ප්‍රමාදයකින් තොරව ඔවුන් භාරදීමට පහසුකම් සපයන ලෙසත් බංග්ලාදේශය ඉන්දියාවෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යාංශය පවසයි.
2024 ශිෂ්‍ය විරෝධතා මර්දනයට සම්බන්ධ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ෂෙයික් හසීනා සහ අසාදුස්සමාන් ඛාන් වැරදිකරුවන් බවට පත්විය. 2024 අගෝස්තු මාසයේදී හසීනාගේ රජය පෙරලා දැමූ දේශපාලන නොසන්සුන්තාවයෙන් පසුව දෙදෙනාම බංග්ලාදේශයෙන් පිටව ගිය බැවින්, ඔවුන් නොමැතිව නඩු විභාගය පවත්වා ඊයේ තීන්දු ප්‍රකාශයට පත් කරන ලදී.
බංග්ලාදේශයේ ඉල්ලීමට ඉන්දියාව තවමත් විධිමත් ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart