
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ විසින් ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් නවයේ හිඟ රුපියල් බිලියන 6.2ක ගෙවීමේ ප්‍රගතිය සළකා බලමින්, බදු ගෙවීමට තවත් මාස තුනක කාලයක් ඊයේ (17) ලබා දී ඇති අතර, නියමිත කාලය තුළ සම්පූර්ණ මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය අවලංගු කරන බවට අනතුරු අඟවා ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජුනි 30 වැනිදා මෙම මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට ලබා දුන් සති දෙකක අවසාන නිවේදනය ඊයේ දිනයෙන් අවසන් විය.
සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ඊයේ(18) පැවැති රැස්වීමකට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මත්පැන් සමාගම් නවයේම නියෝජිතයන් කැඳවා තිබූ අතර, එහිදී මෙම නව නියෝග පිළිබඳව දැනුවත් කර ඇත.
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලයක් තුළ සමාගම්වලට ගෙවිය යුතු මුදල් සම්පූර්ණයෙන් ගෙවන ලෙසත්, නැතිනම් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සදහටම අහිමි වීමේ අවදානමකට මුහුණදීමට සිදුවන බව සමාගම්වලට දන්වා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.
එසේම, ඇතැම් සමාගම් සඳහා මෙම කොන්දේසි ලබා දී ඇති අතර, තවත් සමාගම්වලට ගෙවීම් විකල්පයන් සම්බන්ධයෙන් දැනට පවතින අධිකරණ තීන්දු පිළිපදින ලෙස සඳහන් කර ඇත.
පොළී එකතුවීම හේතුවෙන් සියයට 300 හිඟ මුදලක් ගෙවීමට නොහැකි බව එම සමාගම් විසින් රැස්වීමේදී පෙන්වා දී ඇති නමුත්, සුරාබදු දෙපාර්තමේන්තුව සිය ස්ථාවරය පවත්වාගෙන ගොස් ඇතැයි පැවැසේ.
මත්පැන් සමාගම් නවය රුපියල් බිලියන 2.4ක් හිඟ මුදල්ද රුපියල් බිලියන 3.7ක් ප්‍රමාද ගෙවීම් ගාස්තු ලෙස රජයට ගෙවිය යුතු බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.2 කි.
මෙරට සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart