
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසල 2022 මාර්තු 31 වැනිදා පැවැති විරෝධතාවේදී තම මූළික අයිතිවාසිකම් කඩකළැයි කියන සිද්ධියට එරෙහිව විරෝධතාකරුවන් තිදෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(17) ප්‍රතික්ෂේප කරන ලදී.
2022 මාර්තු 31 වැනිදා මිරිහාන සිද්ධියේදී තමන්ට වධහිංසා පමුණුවා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත්බව පවසමින් විරෝධතාකරුවන් තිදෙනකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබිණි.
මිරිහාන සිද්ධිය අරගලය ව්‍යාපාරයේ ආරම්භක විරෝධතාවය විය. එය ඊට සමාන විරෝධතා රැසකට තුඩු දුන් අතර, අවසානයේ 2022 ජූලි මාසයේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට හේතු විය.
ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාග කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කළේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමිනි.
තමන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ඇති බවත්, වගඋත්තරකාර පාර්ශ්ව විසින් තම මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවත් පෙත්සම්කරුවන් චෝදනා කර තිබිණි.
එසේම, ඔවුන් වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා, මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයා, කැරලි මර්දන අංශයේ අධ්යක්ෂවරයා, යුද හමුදාපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබිණි.
මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශාමින්ද වික්‍රම විසින් සාවද්‍ය කරුණු ඉදිරිපත් කිරීම, වැදගත් සාක්ෂි යටපත් කිරීම, පෙත්සම්කරුවන් විසින් සිදුකර ඇති නීතිවිරෝධී ක්‍රියා, අයැදුම්පත්‍රයේ කාලසීමාව, දැනටමත් පවතින අධිකරණ ක්‍රියාවලියකට පෙත්සම්කරුවන් යටත්ව සිටීම සහ අවශ්‍ය පාර්ශ්ව නම් නොකිරීම ඇතුළු මූළික විරෝධතා කිහිපයක් මතුකෙරිණි.
මිරිහාන විරෝධතාව හේතුවෙන් රුපියල් කෝටියකට අධික අලාභයක් සිදුව ඇති බව ඔහු එහිදී පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart